ගමකින් ඇවිත් මම ජාත්‍යන්තරය දිනුවා

308

අත්යන්ත‍්‍ර” දුම්බර රටා”  බීරළු රටාවලින් තායිලන්තයේ විලාසිතා කිරුළ දිනූ පදියතලාවේ රුවන්ති

 ජාත්‍යන්තර විලාසිතා සතිය පසුගියදා තායිවානයේ සොන්ග්ෂාන් සංස්කෘතික හා නිර්මාණ උදානයේදී පැවැත්විණි. මේ සඳහා රටවල් දහඅටක් නියෝජනය කරමින් විලාසිතා නිර්මාණකරුවන් හාරසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය. මෙම විලාසිතා සතියට සමගාමීව නවක විලාසිතා නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් 2021 තායිවාන් විලාසිතා නිර්මාණ සම්මාන උළෙලක්ද පැවැත්විණි. මෙම උළෙල සඳහා ලංකාව නියෝජනය කරමින් තරග කළේ විලාසිතා නිර්මාණ ශිල්පිනී රුවන්ගි ගජධීරය. මෙම තරගාවලිය සඳහා ලබාදී තිබූ තේමාව වූයේ තිරසර සංකල්ප හා එක්ව කටයුතු කරන නිර්මාණශීලීත්වය යන්නයි. තරගකරුවන් හාරසීය පනහකින් ජයග‍්‍රහණය ලැබුවේ රුවන්ගිය. මේ ඇගේ හඬයි.

 බම්බලපිටියේ තිබුණ පෞද්ගලික ආයතනයකින් මම ෆැෂන් ඩිසයින් උපාධියක් හැදෑරුවා. එම උපාධිය අවසානය මට කරන්න තියෙනවා ඇඳුම් නිර්මාණ එකතුවක්. එහිදී මගේ මූලික අරමුණ වුණේ ලංකාවේ තියෙන පැරණි නිර්මාණ ක‍්‍රම භාවිතකර මෙය ඉදිරිපත් කිරීමයි. උදාහරණ වශයෙන් අත්යන්ත‍්‍ර” දුම්බර ක‍්‍රම සහ බීරළු භාවිතකර ලංකාවට ආවේණික ස්වභාවික වර්ණ භාවිතකර මෙම නිර්මාණ සැකසීම. ඒක පරිසර හිතකාමී එකතුවක්. මම ඇඳුම් හයක එකතුවක් කළා. මෙය නිර්මාණය කරන්න මට මූලික අනුග‍්‍රහය දැක්වූයේ හයිඩ‍්‍රාමනී ආයතනය. මෙහිදී මම පරිසර හිතකාමී තාක්‍ෂණික ක‍්‍රම යොදාගෙන විශේෂයෙන් ඩෙනිම් හෝදන විධි අනුවත් නිර්මාණ කළා. මේ නිර්මාණ එකතුවෙන් පස්සේ මම වසරේ හොඳම සිසුවිය බවටත් පත්වුණා. ඒ නිර්මාණ එකතුව තමයි මේ තරගාවලියට ඉදිරිපත් කළේ.

 මේ නිර්මාණ එකතුව සැකසීමේදී ලොකු අභියෝගවලට මුහුණ දුන්නා. කොරෝනා දෙවැනි රැුල්ල ආපු වෙලාවේ තමයි මම මේ නිර්මාණ එකතුව කළේ. මීට කලින් මම ජාත්‍යන්තර තරග දෙකක් නියෝජනය කරලා තියෙනවා.

 එකක් ගැජුවෙට් ෆැෂන් වීක් ලන්ඩන්. ඒකටත් මේ එකතුව ඉදිරිපත් කළා. මගේ තවත් වෙන නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. හොංකොංවල පැවැති තරගාවලියකට. එහිදී මම අර්ධ අවසන් පූර්ව වටය දක්වා තේරුණා. එතැනදී තමයි මම දැනගත්තේ මට ජාත්‍යන්තර තරගාවලිවලට ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා කියලා. අන්තර්ජාලය හරහා තමයි මට මේ තරගාවලිය හමුවුණේ. එහි නීති රීති කියවලා බැලූවහම මට තේරුණා ඔවුන් පරිසර හිතකාමී නිර්මාණවලට ලොකු උනන්දුවක් දක්වනවා කියලා. ඊට පස්සේ තමයි මේ තරගාවලියට ඉදිරිපත් වුණා. මේ තරගාවලිය ලෝකයටම විවෘත වෙලා තිබුණේ.

 මේ සඳහා උතුරු ඇමෙරිකාව” ආසියානු රටවල් වගේම යුරෝපීය කලාපවලින් තරගකාරියන් ඉදිරිපත් වෙලා තිබුණා. එයින් දොළොස් දෙනෙක් මුලින් මේ සඳහා තෝරාගත්තා. ඊට පස්සේ තමයි අවසන් මහා තරගාවලිය තායිවානයේ තායිපේවල පැවැත්වුණේ.

ගමකින් ඇවිත් මම ජාත්‍යන්තරය දිනුවා



 මම මේ ජයග‍්‍රහණය බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් දිනන්න තිබුණානම් හොඳයි කියලා හිතුණා.

 මොකද ලංකාවේ විලාසිතා නිර්මාණයට අවධානය දක්වනවා ගොඩක් අඩුයි. බොහෝදුරට කොළඹට පමණක් සීමාවුණ කොට්ඨාසයක් තමයි ඉන්නේ. මේ ජයග‍්‍රහණයෙන් පස්සේ ලංකාවේ අවධානය ඒ පැත්තට යොමුකරගන්න පුළුවන් කියලා මම හිතුවා. මම මේ තරගාවලියට භාවිත කළේ ලංකාවට ආවේණික කලා ශිල්ප. ඒකෙන් පේනවා ලංකාවේ තියෙන පාරම්පරික අත්කම් වලට ලෝකයේ මොනතරම්පි ළිගැනීමක් තියෙනවාද කියලා. ඉතිං මට ඒ වෙලාවේ ලාංකිකයෙක් විදිහට ලොකු සතුටක් දැනුණා.

 දැනට මම සැලසුම් කරන්නේ මේ ජයග‍්‍රහණය කොහොමද හොඳ අතට හරවාගන්නේ කියලා. මම දැනට මගේ උපාධිය අවසන් කරලා පළමු රැුකියාව විදිහට විලාසිතා නිර්මාණය කරණයේ යෙදෙනවා. ඒ වගේම පරිසර හිතකාමී නිර්මාණ වෙනුවෙන් ගොඩක් හිත යොමු කරන කෙනෙක්. ලංකාවේ වෙනත් රෙදි නිර්මාණ ක‍්‍රමවලට වැඩි අවධානය යොමුකරන්නේ කොහොමද කියලා තමයි මම හිත යොමුකරන්නේ. ඒවා ජාත්‍යන්තරයට ගෙනියන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ.

 මම ඉපදුණේ කොළඹ. ඒ වුණාට හැදුණේ වැඩුණේ පදියතලාව කියන ගමේ. මගේ තාත්තා ගොඩක් ගස් සමඟ ජීවත්වෙන මනුසුස්යෙක් තාත්තා ව්‍යාපාරිකයෙක්. වැඩිදුර අධ්‍යාපනය සඳහා තමයි කොළඹ කාන්තා විදුහලට ගියේ. මට ගොඩක් සතුටුය”ි මේ වගේ ගමකින් ඇවිත් ජාත්‍යන්තරය ජයගැනීම පිළිබඳව. පදියතලාවෙන් ඇවිත් ලෝකය ජයගැනීම පිළිබඳවත් මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.



 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment