ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික් ග‍්‍රාමීය ජනතාවට එයාර්ටෙල් 4G තාක්ෂණය අත්විඳීමට දැන් අවස්ථාව

177

එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා දියත් කරන ලද ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉදිකළ නව 4G සන්නිවේදන කුළුණේ වැඩකටයුතු අවසන් කළ බව නිවේදනය කළේය.

මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ උළුපිටිය ප‍්‍රදේශයේ අලූ‍තින් ඉදි කළ 4G කුළුණ මඟින් වර්ග කිලෝමීටර් 91 ක ප‍්‍රදේශයක් ආවරණය කරන අතර එම ප‍්‍රදේශයේ ජීවත් වන 12,219 ක ජනතාවට අතිශයින් වැඩිදියුණු කළ එයාර්ටෙල් ජාල ආවරණ පහසුකම් සලසය. දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රජාවන් ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම මගින් සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සමඟ සම්බන්ධ කරමින් වඩාත් ඵලදායිව ඒවා සිදු කරගැනීමට සහ බාධාවකින් තොර අඛණ්ඩ දුරස්ථ ඉගෙනුම් හා නම්‍යශීලී සේවා අවශ්‍යතා සඳහා සහාය වීම අරමුණු කරය.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා ”රත්නපුරයේ සන්නිවේදන කුළුණ ස්ථාපිත කිරීමත් සමඟින් උළුප්ය ප‍්‍රදේශයේ ජනතාවට දැන් අපගේ ජාත්‍යන්තර මට්ටමේ, buffer free 4G ජාලයට පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියි. ශ‍්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වඩාත් සාර්ථක කිරීමේ, විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති අති දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන ප‍්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීමේ එයාර්ටෙල් දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා TRCSL සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment