‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ ඉදි වූ පළමු සන්නිවේදන කුලූන, ඩයලොග් ආසිආටා හී මුලපිරීමෙන් ඇඹිලිපිටිය, කච්චිගලදී විවෘත වෙයි

224

 ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ ඉදි වූ පළමු සන්නිවේදන කුලූන කච්චිගලදී විවෘත කළ අයුරු.

 ශ‍්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී. මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැුගෙන යමින්, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන හා මුලපිරීම ඇඹිලිපිටිය, කච්චිගලදී සටහන් විය.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ වන ව්‍යාප්ත කිරීම්ද ඇතුළුව, ඉදිරිය මාස 6ක කාලය තුළ රටේ දුෂ්කර ප‍්‍රදේශ ආවරණය වන සේ නව සන්නිවේදන කුලූනු 450ක් ඉදිකරමින්, මෙරට සියලූම ජනතාව ආවරණය කිරීමේ ඉලක්කයෙන් යුතුව ඩයලොග් ක‍්‍රියාත්මක වේ. ‘ගමට සන්නිවේදනය‘ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ලබාගත් මේ සාර්ථක ආරම්භයත් සමගින් එහි ඉදිරි පියවර යටතේ කුරුණෑගල, රත්නපුර, මාතර, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවල ආවරණයන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බව ඩයලොග් ආසියාටා ඡුඛක්‍ හි ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ පවසයි.

 මෙම අනපේක්ෂිත කාල වකවානුව තුළ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ පරිශ‍්‍රමයක යෙදෙමින් මෙම වසංගත සමයේ මේ දක්වා නව කුලූනු 515ක් ස්ථාපිත කළ ඩයලොග්, මෙරට වැඩිම සන්නිවේදන කුලූනු හිමි ජාලය වශයෙන් වන සිය වාර්තාව 4000 වැනි 4ඨ කුලූන දක්වා පෙරට රැුගෙන යෑමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හරහා ඈත ගම් දනව්වල සිය ආවරණය ඉහළ නංවන අතරවාරයේ ඩයලොග් සමාගම විසින් මෙරට පාසල් දරුවන් 100,000ක් වෙත ඔවුන්ගේ මාර්ගගත අධ්‍යාපන වෑයමට සවියක් වෙමින් ‘නැනදිරි ඬේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන හරහා ඬේටා ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබයි. එසේම මෙරට දැවැන්තම සෘජු විදෙස් ආයෝජකයා බවට පත්වෙමින් මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක සමස්ත ආයෝජනයක් සිදු කර ඇති ඩයලොග්, 2021 වසරේදී අදාළ යටිතල පහසුකම් නැංවීම උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 207ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. දැනට සිදුකරමින් පවතින මෙම ආයෝජනය 2020 පෙබරවාරි මාසයේදී, ආයෝජන මණ්ඩලය සමගින් ගිවිස ගත් ඇමරිකානු ඩොලර් මිලියන 254.1ක අයෝජනයේ කොටසක්. මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා ඩයලොග් හි මුලපිරීම සටහන් වන මොහොතේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ”මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටන ඇරඹුම මගින් රටේ ඈත පිටිසර පෙදෙස් වෙත ආවරණය සැපයීම වෙනුවෙන් අවශ්‍ය සබඳතා යටිතලය සැකසීමට අප කටයුතු යොදනවා යැයි කීය.

advertistmentadvertistment
advertistmentadvertistment