ගමන් වාර අවලංගු කිරීමෙන් බදුල්ල – මහියංගන බස් රථ ධාවනය අඩපණ වෙයි

142

මීගහකිවුල නගරය හරහා ගමන් ගන්නා සිය ගණනක් වූ බස් රථ ගමන් වාර අවලංගු කිරීම හේතුවෙන් ඊයේ (20දා) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බස් රථ ධාවනය අඩපණ වූ අතර පාසල් දරුවන්, රජයේ සේවකයින් ඇතුළු විවිධ රාජකාරි ගමන් සඳහා යන ජනතාව ඉන් දැඩි අපහසුතාවට පත් වූහ.බස් රථයක් පැමිණෙනතුරු මීගහකිවුල නගරයේ පදික වේදිකා ඉදිරිපිට මීටර් 100කටත් වඩා දිගු ජනතා පෝලිම් දක්නට ලැබිණි.විනාඩි පහකට දහයකට වරක් බස් රථ ගමන් ගන්නා මෙම මාර්ගයේ ඊයේ (20දා) පැය බාගයකටවත් බස් රථයක් නොපැමිණි බව ඔවුහු පැවසූහ. පැමිණි බස් රථවලද ඉඩකඩ සීමිත වීමෙන් ජනතාවට එම බස්රථවලට ගොඩ වැදීමට නොහැකි තත්ත්වයක් උදාවිය. බදුල්ල, මහියංගන, අනුරාධපුර, යාපනය, කොළඹ, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ කරා ගමන් ගන්නා බස් රථ සිය ගණනක් මෙම මාර්ගයේ ගමන් කළද එම බස් රථ සේවාවන් ගෙන් සියයට 10 ක ප්‍රමාණයක්වත් ධාවනය නොවූ බවද ජනතාව පැවසූහ.

කන්දකැටිය – ජී. චතුරංග
 

advertistmentadvertistment
advertistmentadvertistment