ගම්පහෙන් එකක් ගැළවෙයි යාපනයට එකතුවෙයි

816

ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ගම්පහ දිස්ත‍්‍රික්කයට එක් මන්ත‍්‍රී ධුරයක් අහිමි වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

පසුගිය 2021 ඡුන්ද හිමි නාමලේඛන ප‍්‍රතිශෝධනයට අනුව ඉකුත් 2020 වසරට සාපේක්‍ෂව 2021 වසරේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වී ඇති අතර මේ නිසා දිස්ත‍්‍රික්කයට හිමි මන්තී‍්‍රධුර සංඛ්‍යාව 18 දක්වා එකකින් අඩුවෙයි. එමෙන්ම යාපනය දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවීම නිසා එම දිස්ත‍්‍රික්කයට එක් මන්ත‍්‍රී ධුරයක් වැඩි වෙයි. ඒ අනුව එහි මන්තී‍්‍ර සංඛ්‍යාව 07 දක්වා වැඩි වනු ඇත.

අනෙකුත් දිස්ත‍්‍රික්කවලට හිමි මන්ත‍්‍රීධුරවල කිසිදු වෙනස්වීමක් සිදුව නැත. ඡන්ද හිමි නාම ලේකනයට අනුව මන්තී‍්‍රධුර සංඛ්‍යාව නිර්ණය කිරීමට අදාළ මැතිවරණ කොමිසමේ තීන්දුව ඉදිරියේදී ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment