ගම්පහ උත්පලවන්නා දේවාලයේ අසමජ්ජාති කපුවා තරුණියකට බලු වැඩක් කරලා

1266

අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 12 වෙනිදා නියම කලේය.

ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රිමාන්ඞ් බාරයට පත් කෙරුණි.

අපල දෝෂ දුරුකර ගැනීම සඳහා මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග සැකකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන කොරෝනා මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය අවස්ථාවකදී සැකකරු තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි

ගම්පහ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂිකා පියදර්ශනී සේනාරත්න සහ සැරයන් බාලසූරිය (49998) යන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

සාධු කේන්ද්‍රය බලා ඇෙඟ් කායික ශක්තිය දුර්වලයි කියා පැවසුවා .

සාධු ආර්ය උත්තමයෙක්. ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා

එවැනි පුද්ගලයකු තරුණියක් වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයන්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පවසා සිටියා. සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කර දෙන ලෙස කිව්වා. සාධු ආර්ය උත්තමයකු නිසා මම එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගියා.

මට කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ විට මම ඊට අකමැති වුණා. සාධු ආර්්‍ය බලයෙන් මාව පොළඹවා ගත්තා යැයි වින්දිත තරුණිය පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment