ගම්පහ ජාතික ජනබලවේග සමුළුවට අමන වැඩක් කරන්න ඇවිත් ඉල්ලන් කති – දෙදෙනෙක් අත්අඩංගුවට – දේශපාලඥයකුගේ කීම පිට බිත්තර ප‍්‍රහාරයක් සිදු කරලා

706

සංවිධානාත්මක කල්ලියක් විසින් ගම්පහ දිස්ත‍්‍රික් ජාතික ජනබලවේගයේ දිස්ත‍්‍රික් සමුළුවේදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා එල්ල කර ගනිමින් බිත්තර සහ ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් සමුළුව ස`දහා සහභාගි වීමට පැමිණි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට පැමිණෙනවාත් සමඟම ඉදිරිපස රැුස්ව සිටි පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මන්ත‍්‍රීවරයා පැමිණි රථයට සහ තවත් පැති කිහිපයකට බිත්තර ප‍්‍රහාරය එල්ලවී ඇත. මෙම ප‍්‍රහාරය වැළැක්වීමට රැුස්ව සිටි පිරිස උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයකුට තුවාල සිදුවී ඇත. ප‍්‍රහාරය එල්ල කළ පිරිස එම ස්ථානයෙන් පලාගිය අතර පිරිසෙන් දෙදෙනකු උත්සවශාලා පරිශ‍්‍රයේ රැදී සිටි ආධාරකරුවන් විසින් අල්ලාගෙන ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ අනුදැනුම මත මෙම කි‍්‍රයාව සිදුකළ බව ඔවුන් පිරිස ඉදිරියේ පාපොච්ඡුාරණය කර ඇත. හ`දුනාගත් දෙදෙනා නිට්ටඹුව පොලිසියට භාරදී ඇත.

නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment