ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේදී උපහාර ලබා….

76

2022 වසරේ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා උත්සවයේ ප්‍රවීණ කලා ශිල්පී උපහාරයෙන් වේදිකාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මෙන්ම සිනමාවේත් දක්ෂතා පෙන්වූ අග්‍රගන්‍ය කලාකරුවෙකු වන සුමින්ද සිරිසේන මහතාත් කිවිඳියක, ගී පද රචිකාවක, ලේඛිකාවක ලෙස තම පන්හිඳෙන් රසිකයන් පිනවූ යමුනා මාලනී පෙරේරා මහත්මියත් පුදනු ලැබීය. මෙම කලාකරුවන් උපහාර ලද්දේ ගණේමුල්ල, ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදීය. මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි, ඩී.ඒ. නයනානන්ද යන මහත්වරුන්, විද්‍යාලයේ විදුහල්පතිතුමා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීහු එක්ව සිටියහ.
ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment