ගම්පහ නෝට්ටු තිප්පළ එස්ටීඑෆ් දැලේ… පන්සීයේ නෝට්ටු වැඩිපුර ගහලා

219

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ගම්පහ ඇතුළු රටපුරා බෙදාහරිනු ලැබූ මධ්‍යස්ථානයක් ගම්පහ වීරගුලදී වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එය පවත්වාගෙන ගිය 21 හැවිරිදි තරුණයකු ඇතුළු තිදෙනකු සමඟ ව්‍යාජ නෝට්ටු තොගයක් පෙරේදා (30 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 602 ක්, අති නවීන පි‍්‍රන්ටින් උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු තවත් උපාංග රැුසක් සොයාගැනීමට හැකිවිය.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ ගම්පහ වීරගුල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයකදීය. පසුව එම ව්‍යාජ නෝට්ටු තොග පිටින් සීදුව ලියනගේමුල්ල ප‍්‍රදේශයේ වෙනත් ස්ථානයකට රැුගෙන ගොස් ඒවා එහි ගබඩාකර තබා බෙදාහැර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ජාවාරම මෙහෙයවූ 21 හැවිරිදි තරුණයා මීට ඉහතදීද හොර නෝට්ටු ජාවාරම් සම්බන්ධව අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි අයෙකි.

මොහු බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැරීමෙන් පසු සීදුවට පැමිණ මාස එකහමාරක් ගතවීමට පෙර නැවත ව්‍යාජ නෝට්ටු සමඟ මෙසේ අත්අඩංගුවට පත්වූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා 21 හැවිරිදි තරුණයාට හමුවී ඇත්තේ බන්ධනාගාරයේදීය. එහිදී ඇතිවූ මිත‍්‍රත්වය නිසා මොවුන් තිදෙනා ඇප මත මුදාහැරීමෙන් පසු මෙසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ජාවාරම්කරුවන් මීට ඉහතදී රුපියල් 5000, 1000 සහ 100 නෝට්ටුද මුද්‍රණය කර බෙදාහැර ඇති බව පොලිසිය පවසයි. රුපියල් 500 ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේදී එම නෝට්ටු වැඩි අවධානයකට ලක් නොවන නිසා ඒවා විශාල වශයෙන් මුද්‍රණය කිරීමට සැකකරුවන් කටයුතු කර ඇත.

මෙම ජාවාරම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment