ගම්පහ පීඑච්අයි හතරකට කොරෝනා

112


ගම්පහ දිස්ත්‍රික්කයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හතර දෙනෙකුට කොවිඞ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ.මේ අතර ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් 1213 හමුව ඇත. මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ – 193 ක්, මහර – 152 ක්, අත්තනගල්ල – 140 ක්, ජාඇල – 127 ක්, රාගම – 100 ක්, වත්තල – 67 ක්, දිවුලපිටිය – 58 ක්, කැලණිය – 50 ක්, සීදූව – 37 ක්,දොම්පෙ – 24 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් – 22 දෙනෙකු බැගින්, මීගමුව – 10 ක් සහ මීරිගම – 9 දෙනෙකු ලෙස වාර්තාවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment