ගම්පහ රෝහලේ  ශල්‍යාගාර 6ක්  අවුරුද්දක් තිස්සේ වහලා

63

කොන්ත්‍රාත්කරු අලුත්වැඩියා නොකර කල්දැමීමෙන්

ගම්පහ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව අද බාලගිරි දෝෂයක් බවට පත්වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ‘දිවයින’ට පැවසීය.

වසරකට වැඩි කාලයක් තිස්සේ අදාළ කොන්ත්‍රාත්කරුවන් ශල්‍යාගාරය අලුත්වැඩියා නොකර වරින් වර කල්දමන බවද පැවසීය. මේ තත්ත්වය නිසා ගම්පහ රෝහලේ සැත්කම් ඒකක හයක් මෙසේ වසා දැමීම නිසා රෝගීන් විශාල අසීරුතාවකට පත්ව ඇත. මෙහි අලුත්වැඩියා කිරීම් අඩක් සිදුකර, සම්පූර්ණ කර නැතැයි ද වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment