ගම්පොළත් පොළොව හෙල්ලෙයි

238

ගම්පොළ ප්‍රදේශයේ පෙරේදා (05 වැනිදා) රාත්‍රි 10.49 ට පමණ භූ කම්පනයක් සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
රික්ටර් මාපක 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුවී ඇති අතර, එය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන කම්පන මාපකවල ද සටහන් වී ඇතැයි ද එම කාර්යාංශය කියයි.

මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇතැයි ද එම කාර්යාංශය පවසයි.

“ලොකු ශබ්දයක් එක්ක පොළොව දෙදරුම් කනවා වගේ දැනුණා. ඒක හරියටම රෑ 10.47 – 10.50 අතර කාලයේ සිදුවුණේ. ලොකු භයක් දැනුණා” යැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුරංග දිල්හාන් – ගම්පොළ

advertistmentadvertistment
advertistmentadvertistment