ගම්පොළ ගෑස් උදුනක් පිපිරීමෙන් 17 හැවිරිදි දරුවා නූලෙන් බේරෙයි

336

ගම්පොළ කීරපන ප‍්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පිපිරී ගොස් මුළුතැන්ගෙයි තිබූ අනෙකුත් උපකරණ වලටද හානි සිදුවී තිබේ.

පෙරේදා (30 දා) රාත‍්‍රී ආහාර පිළියෙල කරමින් සිටිය දී මෙම ගෑස් ළිප මෙසේ පිපිරි ගොස් තිබේ.

මෙම නිවස හිමි ප‍්‍රියන්ත කුමාර මහතාගේ දාහත් හැවිරිදි දියණිය එම ගෑස් ළිප අසල සිටියදී මෙය

පුපුරාගොස් ඇත. එමගින් ඇය දැඩි කම්පනයට පත්ව ඇත. මේ පිළිබඳව ගම්පල පොලිසිය වෙතද පැමිණිලි කර ඇති අතර නිවෙස් හිමි ප‍්‍රියන්ත මහතා සඳහන් කරනුයේ තම දියණිය හාස්කමකින් මෙන් බේරුණු බව ය.

පිපිරීමත් සමග කාන්දු වෙමින් තිබූ ගෑස් සිලින්ඩරයේ සම්බන්ධතාව (රෙගියුලේටරය) ගලවා දැමූ නිසා එළැඹෙන නව වසර සඳහාද තමා හා තම පවුලේ අයට ජීවත් වීමට වාසනාව තිබූ බවත් ප‍්‍රියන්ත මහතා සඳහන් කරයි. මේ වනවිට ගම්පොළ නගරය හා අවට ප‍්‍රදේශවලින් ගෑස් පිපිරීම් 12 ක් ගම්පළ පොලිසිය වෙත වාර්තා වී තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment