ගම්පොළ නිවාස අසූවක් යටවෙයි

143

පවතින අධික වර්ෂාව සමඟ ගම්පොල වැලිගල්ල, ගල්ගෙඩියාව, රත්වත්ත, කහටපිටිය, බැබිල, ඉලංහවත්ත ඇතුළු ප්‍රදේශවල නිවාස අසූවක් පමණ ජලයෙන් යටවී ඇත.

ගම්පොළ නිවාස අසූවක් යටවෙයි

මින් වැඩිම හානි සිදුව ඇත්තේ කහටපිටිය ඉලංහවත්ත හා බැබිල යන ප්‍රදේශවලටයි. නිවාස තුළට ජලය ගලා යෑම නිසා ගෘහ උපකරණ විදුලි උපකරණ ඇතුළු දේපල රැසක් විනාශ වී ඇති බව නිවැසියන් පවසති.

ගම්පොළ නිවාස අසූවක් යටවෙයි

ප්‍රදේශයේ පැවැති පුවක්දඬුවාවකුඹුර කහටපිටියකුඹුර දවටකුඹුර වෙල්ලංගිරිය කුඹුර ඇතුළු කුඹුරු අක්කර දෙසීයක් පමණ ගොඩකර ඉදිකිරීම් සිදුකිරීම නිසා වසර දහයක පමණ සිට මෙම ප්‍රදේශ ජලයෙන් යට වන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව ගම්පොල නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලු බලධාරීන්ට දැන්වූවත් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හා ජලය බැස යන ඇළ මාර්ග නිසිලෙස පිළිසකර සිදුනොකරන බවද ප්‍රදේශවාසීහු පවසති.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment