ගම්බිම් බලා යෑමට පැමිණි ජනතාවට ප්‍රමාණවත් බස් හා දුම්රිය නෑ

66

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

සති අන්තයේ ගම්බිම් බලා යෑමට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට ඊයේ (13 වැනිදා) උදේ” දහවල් පැමිණි ජනතාවට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුහු දැඩි අපහසුතාවකට ලක්වූහ.

ඇතැම් මඟීහු පෙරේදා (12 වැනිදා) රාත්‍රි සිට බස් නැවතුම්පළේ රැඳී සිටියහ. ලංගම සහ පෞද්ගලික බස් රථ පැමිණෙන තුරු මඟී ජනතාව වර්ෂාව හමුවේ දිගු පෝලිම්වල රැඳී සිටියහ. කෙසේ වෙතත් දහවල් කාලයේ ලංගම බස් රථ කිහිපයක් පැමිණිය ද එම බස් රථ ද පැමිණ සිටි මඟී ජනතාවට ප්‍රමාණවත් නොවීය. මේ අතර උදෑසන රාජකාරි කටයුතු සඳහා පැමිණ පසුව නැවත නිවෙස් බලා යෑමට කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මඟී ජනතාව ද ප්‍රමාණවත් දුම්රියන් නොමැතිවීමෙන් දැඩි අපහසුතාවට පත්වූහ. අප මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසූ විට කියා සිටියේ දුම්රිය ගමන් වාර 102 ක් ක්‍රියාත්මක බවය. ප්‍රමාණවත් බස් රථ හා දුම්රියන් නොමැතිවීම සම්බන්ධයෙන් මඟී ජනතාව දැඩි අප්‍රසාදය පළ කරමින් ආවේගශීලීව හැසිරෙන්නට වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment