ගම්මන්පිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩුවේ සියලු දෙනා ඡන්දය පාවිච්චි කරනවා – ඇමැති දිනේෂ් ගුණවර්ධන

526

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය, පරාජය කිරීමට ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායමේ සියලූ දෙනා පාර්ලිමේන්තුවේදී ඡුන්දය පාවිච්චි කරන බව සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද (19දා) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිත අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග විවාදය සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමිනි. සති අන්තයේ මහරගම පැවති උත්සවයකදී” මාධ්‍යවේදීන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න ගණනාවක් විමසූ අතර ඔහු, විශ්වාසභංගය ගැන වැඩිදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.

විපක්ෂය මෙම විශ්වාසභංගය ගෙනඑන්නේ ප‍්‍රචාරය පිණිස බවත්, විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ හිටපු අගමැතිවරයාත්, ඔහුගේ ගෝලයා වන දැන් සිටින විපක්ෂ නායකවරයාත්, මේ සම්බන්ධයෙන් මත දෙකක් දැරීමෙන්ම එය පැහැදිලි වන බවත්, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

‘‘ලෝකයේ තෙල් අර්බුදයක් පවතින අතර, වේගයෙන් ලෝක තෙල් මිල ඉහළ යමින් පවතිනවා. විපක්ෂය නියෝජනය කරන පිරිස ආණ්ඩු කරද්දී, තෙල් මිල අවස්ථා ගණනාවක ඉහළ දැමූ බව ඔවුන්ට අමතකයි. අපේ රටත්, ලෝකයත් මුහුණ සිටින, කොවිඞ් වසංගත බරපතළ ප‍්‍රශ්නයට, ජනාධිපතිතුමා මැදිහත් වී ලෝකයේ සහයෝගය ලබාගෙන, අපේ රටට ගොඩඒමට හැකි ලෙස සියලූම ජනතාවට පාහේ එන්නත් ලබාදීමට දියත් කර ඇති වැඩපිළිවෙළ ගැන කල්පනා කිරීම තමයි, කුමන දේශපාලනයක් කළත්, ජාතික යුතුකම – වගකීම ලෙස, මේ අවස්ථාවේ සැලකිය යුත්තේ.’’

ශ‍්‍රීලනිපය රජයෙන් ඉවත් වීමේ තත්ත්වයක් උදාවී ඇති බවට සඳහන් වනවා. රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් ලෙස ඒ ගැන අදහස මොකක්දැයි මෙහිදී මාධ්‍ය විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, දැනට කිසිම ආකාරයකින් එවැනි තත්ත්වයක් උදා වී නොමැති බවයි. ගැටලූවක් ඇතිවුවහොත් ඒ සඳහා සුවිශේෂි සාකච්ඡුාවක් කිරීමට, ආණ්ඩුව ලෙස සූදානම් බවද ඔහු සඳහන් කළේය. විවිධ පක්ෂවල විවිධ මත ඇති බවත්, ඒ අනුව මතභේද පැවතීම ස්වභාවික බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ‍්‍රීලනිපය මේ වනවිටත් කැබිනට් මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීම නියෝජනය කරමින් සිටින බවත්, කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment