ගම්මන්පිලට එරෙහි  නඩුවේ සාක්‍ෂි විභාගය අපේ‍්‍රල් 22ට කල් යයි

166

ඔස්ටේ‍්‍රලියානු ජාතික සමාගම් අධ්‍යක්‍ෂවරයෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 20ක් වටිනා කොටස් අලෙවි කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන අපේ‍්‍රල් 22 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිකරුවකු වන පැමිණිල්ලේ හතරවැනි සාක්‍ෂිකාරියගෙන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාක්‍ෂි ලබා ගැනීමට ඊයේ නියමිතව තිබු නමුත් එම සාක්‍ෂිකාරිය අසනීප තත්ත්වයකින් පසුවන බවට ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. විත්තිකාර උදය ගම්මන්පිල මහතා ඊයේ විවෘත අධිකරණය හමුවේ පෙනීසිටි අතර නීතිඥ තුෂාර දිසානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment