ගම්මන්පිල කැපිල්ලක් කියයි – ලොකුගේ නැහැ කියයි

216

ඉල්ලූම හා සැපයුම අතර පවතින මෙගවොට් 300 හිඟතාව හේතුවෙන් මාර්තු වන විට විදුලි කප්පාදුවක් සිදුවන බව බලශක්ති ඇමැති උදය  ගම්මන්පිල මහතා පවසයි.
විදුලිය නිපදවීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ඉන්ධන ලබාදීම අපහසු බවත්, විදුලිබල මණ්ඩලය ඉන්ධන මිලදී ගන්නවා නම් නොමිලේ ප‍්‍රවාහනය කර දීමට තෙල් සංස්ථාවට හැකි බවත් ඇමැතිවරයා කීය.

විදුලිය කපයි, කපයි කියලා ඇතැමුන් බලාපොරොත්තු වුවත් විදුලිය විසන්ධි නොකර පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ආණ්ඩුව බලයට පැමිණියේ විදුලිය කප්පාදු කිරීමට නොවන බවත් විදුලිය අඛණ්ඩව ජනතාවට ලබාදීමට බවත් පැවසූ ඇමැතිවරයා ඉංජිනේරු සංගමයේ ඇතැමුන්ගේ කි‍්‍රයාකලාපයන් නිසා විදුලිය බිඳවැටීම් සිදුවුවත් එයත් වැළකී ගිය බව කියා සිටියේය.

ඇමැතිවරුන් දෙදෙනා මෙම අදහස් ප‍්‍රකාශ කළේ ස්ථාන දෙකක පැවති වැඩසටහන් දෙකකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment