ගම්මන්පිල කියන්නෙ බොරු – පුබුදු ජයගොඩ

232

ති‍්‍රකුණාමල වරාය ආසන්නයේ පවතින තෙල් ටැංකි 99 ම ඉන්දියාවට ලබාදී ඇතැයි බලශක්ති ඇමැතිවරයා කරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඒ වගේම මේ වනවිට ඉන්දියාවේ අයි ඕසී සමාගමට තෙල් ටැංකි 14 ක් නීත්‍යනුකූලව ලබාදී ඇති බවට කරන ප‍්‍රකාශයත් අසත්‍ය බව ද ජයගොඩ මහතා ඊයේ (31 දා) පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

තෙල් ටැංකි 14 අයි ඕසී එකට දීලා තියෙන්නේ අවබෝධතා ගිවිසුමකිනුයි. එම ගිවිසුම විධිමත් වලංගු ආකාරයට දීලත් නැහැ. මේ ගිවිසුම අනුව සිදුවන්නේ තෙල් ටැංකිවල කුලිය ගැනීමක් පමණයි.

ඒ වගේම ඉන්දු-ලංකා ගිවිසුම මගින් පවසා තිබෙන්නේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ගිවිසුමකට යනවා නම් ඉන්දියාව හැර වෙන අයට දෙන්න එපා කියලයි. ඒ වගේම ඉන්දියාව සමගම යායුතුයි කියාත් සඳහන් කර නැහැ.

දැන් බලශක්ති ඇමැති කියනවා තෙල් ටැංකි 61ක් ඒකාබද්ධ සංවර්ධනය කරනවා කියලා. ඒකට පත්කරන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරය ලංකාවට අයිතිය තබා ගන්නවා කියනවා. අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කරලා බහුතරය ලංකාවට තියාගත්තට වැඩක් නැහැ, තෙල් ඒකාධිකාරය ඉන්දියාවට අයත් වෙනවා. ඒක හරියට එල්.එන්.ජී. අයිතිය සියයට 40 ක් පවතින ඇමෙරිකානු සමාගමට ඒකාධිකාරය ලැබෙනවා වගේ කතාවක්. ඒ වගේම තෙල් ටැංකි 24 ක් අපිට අයිතියි කියනවා. ඒ තෙල් ටැංකි මොනවද කියලා අංක වශයෙන් කියන්න කියලා අපි ප‍්‍රකාශ කරනවා. මේ තියාගන්න යන්නේ භාවිතයට ගත නොහැකි ටැංකි 24 ක්. මේක තියාගෙන මොනවටද. ඒ නිසා ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කරන්න කියලා කියනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment