ගම්මන්පිල තෙල් දෙනවානම් විදුලි කැපිලි නෑලූ!

85

තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමක් සිදුකළ හොත් විදුලි කප්පාදුව නතර කළ හැකි යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා පැවසීය.

ලබන සඳුදා (17 දා) නිවාඩු දිනයක් යෙදීම නිසා දහවල් කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් ඉන්ධන ලබාදීමක් සිදුකළහොත් රාත‍්‍රි කාලයේ සිදුකරන විදුලි විසන්ධිවීමද නතර කළ හැකි බවත් ඒ මහතා කීය.

තෙල් සංස්ථාව දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 1500 බැගින් ලබාදීමට එක`ග වී ඇතත් ඊයේ (14 දා) සවස්වන තෙක් ඉන්ධන ලබාදීමක් සිදුකර නැතැයිද නවමානි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment