ගම්මාන පහක ජනයා නාඋල – ඇළහැර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක – මාර්ග ප‍්‍රචාරක පුවරුවද ගලවයි

115

මුල් ගල් තබා මාස ගණනාවක් ගත වුවද මාරාගමුව හංදියේ සිට දඹගොල්ල දක්වා දිවෙන මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු මේ දක්වා ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ගම්මාන රැුසක ජනයා ඉකුත් (16) දින දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

ගම්මාන පහක ජනයා  නාඋල - ඇළහැර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක - මාර්ග ප‍්‍රචාරක පුවරුවද ගලවයි

නාඋල ඇළහැර මාර්ගය මාරාගමුවෙන් අවහිර කොට මාර්ගයේ වාඩිලා සිටීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා ඇති විය. මාර්ගය අවහිරවීම නිසා ඇලහැර මාර්ගයේ දෙපස සිර වූ වාහන පිටත් කර හැරීමට නාඋල පොලිසියේ නිලධාරින් උත්සහ කළද උද්ඝෝෂකයෝ ඊට ඉඩ ලබා නොදුන්නහ. මාර්ග සංවර්ධන අමාත්‍යංශය මගින් කිලෝ මීටර් ලක්ෂයේ විකල්ප සහ ග‍්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ කිලෝ මීටර් 03 ක පමණ දිගින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට ඉකුත් පෙබරවාරි මාසයේ මුල් පියවර ගෙන තිබුණි.මාර්ගයේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් මැති ඇමැතිවරුන්ගේ රුව සහිතව ඉදිකර තිබූ ප‍්‍රචාරක පුවරුවද ගලවා ඉවත් කළ උද්ඝෝෂකයෝ එය ප‍්‍රධාන මාර්ගයට රැුගෙන විත් විරෝධතාවයේ නිරත වූහ. අදාළ පුවරුවේ ප‍්‍රදර්ශනය කර තිබූ මැති ඇමැතිවරුන්ගේ රූපයන්ටද පහර දුන් උද්ඝෝෂකයෝ පොරොන්දු වූ පරිදි තම මාර්ගය

ප‍්‍රතිසංස්කරණය කඩිනමින් සිදුකර දෙන්නැයි ඉල්ලා සිටියහ. සතියක කාලයක් තුළ සිය ගැටළුව නොවිසඳුනහොත් මීටත් වඩා දැවන්ත විරෝධතාවක් සංවිධාන කරන බව පැවසු ඔවුහු පැයක පමණ කාලයක උද්ඝෝෂණයෙන් අනතුරුව විසිර ගියහ.

නාඋල – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment