ගමේ පාරේ තදබදයට ඉන්දියාවෙන් අතහිත

66

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ඊයේ (05දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාධිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීහු සහ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment