ගම දිනලා රට දිනනවා – සමන්ත විද්‍යාරත්න

231

ගමේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව රටේ බලය අත්පත් කර ගෙන බිද වැටිච්ච මාතෘ භූමිය ගොඩ ගන්න අපි සුදානම් කියන පණිවිඩය මේ රටේ ජනතාව ට දෙනවා යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පා.ම. සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා පවසා සිටියේය. අවුරුදු හැත්තෑ පහකට ආසන්න වෙච්ච දුෂ්ට පාලනය හමාර කරන පොදු ජන යුගය මේ රටේ උදාවෙනවා යැයි පැවැසු හිටපු පා.ම. සමන්ත විද්‍යාරත්න මහතා,

මේ දුෂ්ට පාලනය පෙරළා දමන පළමු වෙඩි මුරය ජාතික ජන බලවේගය මේ පළාත් පාලන මැතිවරණයේදි අත්පත් කර ගන්නවා යැයි පැවසුවේය. මේ වන විට ආණ්ඩුව පරාජය භාර ගන්න සුදානම් වෙලා ඉවරයි. ඒ නිසා මුල ඉදලාම මේ මැතිවරණය කල්දා ගන්න විවිධ උත්සාහයන් ගන්නවා.

මේ රටේ ජනතාවගේ සකල විධ රෝගයන්ට බෙහෙත තමයි මේ පාලකයෝ පළවා හැරීම. අවුරුදු හැත්තෑ පහක් බීපු බෙහෙත් වලින් අද ලෙඩා අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. පළමුව ජනතාවට රටක් ඕනෑ. දෙවනුව ජීවිතයක් ඕනෑ. මේ දෙකම නැති කරපු පාලකයෝ යන්න ඕනෑ. යන්න නම් මැතිවරණයක් ඕනෑ. ඒක තමයි මේ ඉල්ලීම.

අද අපි බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහ අටෙන් දහ හතකට නාම යොජනා භාර දුන්නා. අපිට සුවිශේෂි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා.

බදුල්ල – එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment