ගයන්තිකා රන් පදක්කම රැගෙන එයි

274

ජපානයේ 39 වන ‘ග්‍රොන්ප්‍රී’ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, එහි මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාව පෙරේදා (08 වැනිදා) දින රාත්‍රි කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියාය.

මෙම තරගාවලිය මේ මස 03 දින සිට 07 වැනිදා දක්වා ජපානයේ ඔසාකා සහ නරීටා යන නගරවල රටවල් 30 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදි ඔසාකා සහ නරීටා යන නගර දෙකේදීම මීටර් 800 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකෙන්ම ගයන්තිකා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

ගයන්තිකා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment