ගර්භාෂ පිළිකාවලට  බලපාන හේතු

1360

කාන්තාවන් මූලික කරගත් පිළිකාවන් අතර ප්‍රධාන තැනක් ගන්නා පිළිකාවක් ලෙස ගර්භාෂ ගත පිළිකා හැඳින්විය හැකිය. මෙම පිළිකා සුව කිරීම සඳහා දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇත.

 මෙම පිළිකා හට  ගැනීමට බලපාන නිශ්චිත හේතුවක් කිව නොහැකිය. නමුත් මෙම පිළිකාව ඇතිවූ කාන්තාවන් දෙස බලන විට බහුතරයක් මැදිවිය ඉක්මවූ කාන්තාවන්ය. ඒ අතර අවිවාහක කාන්තාවෝ වැඩි පිරිසක් සිටිති.

 මොවුන් බහුතරයකගේ ඔසප් චක්‍රය විවිධ හේතූන් නිසා අක්‍රමවත්ව පැවැතී ඇත. එනිසා ඔසප් වීමට බලපාන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, හෝමෝනවල සහ තයිරොක්සින් හෝමනයේ අසමතුලිතතා දිගු කලක සිට මතුව පැවත තිබේ.

 මෙම තත්ත්වය මත ඔවුනට ගර්භාෂ පිළිකා ඇති වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස දිගු කාලයක් පැවති ඔසප් චක්‍රයේ අක්‍රමවත්තා බව හඳුනාගත හැකිය.

 ඊට අමතරව ගර්භාෂය, ඩිම්භකෝෂය ආශ්‍රීතව විෂ බීජ ආසාදනය වීම නිසා හටගත් රෝග නිසාද ගර්භාෂයේ පිළිකා මතුවීමට බලපා ඇත.

● රෝග ලක්‍ෂණ

 මෙලෙස කුමන හෝ හේතුවක් නිසා ගර්භාෂ ගත පිළිකා ඇතිවූ විට මතුවන ප්‍රධාන රෝග ලක්‍ෂණය වනුයේ නිතර ඇතිවන යටි බඩ කැක්කුමය. ඊට අමතරව යෝනි මාර්ගය ඇතුළතින් හට ගන්නා වේදනාව, උදරයෙන් අසාමාන්‍ය බරක් දැනීම, කොන්ද ආශ්‍රිතව විහිදීයන වේදනාව, දෙපාවල වේදනාව, යෝනි මාර්ගය ආශ්‍රිතව සෙවල වැනි ශ්‍රාවයන් නිතර පිටවීම වැනි ලක්‍ෂණද හට ගනී.

● ප්‍රතිකාර-

 මෙවැනි ගර්භාෂ පිළිකා සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ රස ඖෂධ භාවිතා කිරීම මගින් ඉක්මන් සුවයක් ලබාගත හැකිය.

 ඒ සඳහා දින 16ක් බෙහෙත් වර්ග වාර කිහිපයක් ලබාදී මාස 3 ක පමණ කාලයකදී සම්පූර්ණයෙන් සුවපත් කරගත හැකිය.

 මෙහිදී වෙනත් වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකාර ලබාගන්නා හෝ ගර්භාෂය ඉවත් කළ යුතු මට්ටමේ සිටින රෝගීන්ට පවා රස ඖෂධ මගින් සුවයක් ලබාගත හැකිය.

● පිළිකා ඔඩු දිවීම

 ගර්භාෂ ගත පිළිකා පියයුරු සහ තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා ඇති වීමටද බලපෑම් ඇති කරයි. එනිසා මෙම පිළිකාව හඳුනාගත් විට එය ඔඩු දිවීමට නොදී වහාම ප්‍රතිකාර ලබාගෙන සුවපත් කර ගත යුතුයි.

 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718285605 ඇමැතිය හැකිය.

ගර්භාෂ පිළිකාවලට  බලපාන හේතු

ආයුර්වේද, පාරම්පරික,
 දේශීය, සර්වාංග රස  වෛද්‍ය වජිරජීව සරත් කුමාර
 ජීවබල වෙද මැඳුර, අංක 46/02/4
 නැගෙනහිර මාවත කිරිල්ලවල, කඩවත.
 
 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment