ගල්අගුරු බලාගාර යළි ඉදි නොවේ

502

 ඉදිරියේදී කිසිදු ආකාරයක ගල් අගුරු බලාගාර මෙරට ඉදි නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. ශ‍්‍රී ලංකාවේ බළශක්ති නිෂ්පාදනය ෆොසිල ඉන්ධන මත යැපෙමින් සිදු නොකිරීමටත් පුනර්ජනනීය බළශක්ති ප‍්‍රභවයන් මගින් සිදු කිරීමටත් ජනාධිපතිවරයා අදහස් කර ඇත.
 
 ජනාධිපතිවරයාගේ තීරණය නිසා නොරොච්චෝලේ හි පිහිටි ලක් විජය බලාගාරයට අලූතින් එකතු කිරීමට නියමිත මෙගා වොට් 300 නව බලෝත්පාදන කොටස අවලංගු කෙරෙනු ඇත. මෙම නව බලෝත්පාදන කොටස ඉදිකිරීම කිසිදු ටෙන්ඩරයකින් තොරව චයිනා මෙෂනරි ඉංජිනියරින් සංස්ථාවට භාර දී තිබිණ. එහි මූලික කටයුතු රැසක් ද අරඹනු ලැබ තිබිණ. ඊට අදාළව කාර්යාලයීය පහසුකම් නීතිඥ සහ මූල්‍ය උපදෙස් අංශ පිහිටුවා තිබිණ.
 
 බලාගාරය ඉදිකිරීම අත්හිටුවන බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ මාසික පුනරීක්‍ෂණ රැස්වීමේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment