ගල්අඟුරු ගේන්න අලුතින් ටෙන්ඩර් කැඳවනවා – විදුලිබල ඇමැති කියයි

159

මෙරටට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත් වූ අයතනය මේ වනවිට එය ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් ගල්අඟුරු මිලදී ගැනීමට අලුතින් ටෙන්ඩර් කැඳවීමට සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අපි පසුගිය කාලයේ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගම ඒ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්න දැන් කැමති නෑ. ඒ නිසා අපට දැන් අලුතින් ටෙන්ඩර් කැඳවන්න වෙලා තිබෙනවා. වැරදි අර්ථකථන සහ චෝදනා නිසා එය ක්‍රියාත්මක නොකරන්න සමාගම තීරණය කර තිබෙනවා.

ලබන ඔක්තෝබර් මාසයේ ඒ ගල්අඟුරු තොගය ලැබිය යුතුව තිබුණත් අපට දැන් සිදුවෙලා තිබෙනවා ලබන බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩලයට ගල්අඟුරු මිලදී ගැනීමේ යෝජනාව අලුතින් ඉදිරිපත් කරන්න.

ඒ සමාගම්වලින් දැන් අලුතින් ඉල්ලීම් කරන්න වෙනවා. ඒ නිසා මම දැන් ඉල්ලීමක් කරනවා පාඨලි චම්පික මන්ත්‍රී තුමාගෙන් එතුමා කිව්වා ගල්අඟුරු අඩුවට ගන්න පුළුවන් කියලා. ඒ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදෙන්න දැන් එතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment