ගල්අඟුරු ටෙන්ඩරය අහෝසි වුවත් නොරොච්චෝලෙට අවුලක් නෑ  

170

ගල්අඟුරු ටෙන්ඩරය අහෝසි වුවත් නොරොච්චෝල බලාගාරයෙන් මේ වසර අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ගල්අඟුරු නැව් දෙකකින් මෙට්‍රික් ටොන් 60,000 ක් සහ 63,000 ක් ලබාගැනීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් එම නැව් දෙකෙන් එක් නැවක් ගල්අඟුරු පටවාගැනීමට ගොස් දින 14 කින් මෙරටට ළඟාවීමට නියමිත බවත් එම නිලධාරියා කීය. ගල්අඟුරු නැවක් මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 20 ක් පමණ අවශ්‍ය බවත් අත්තිකාරම් ලෙස ඩොලර් මිලියන හයයි දශම තුනක (6.3) පමණ මුදලක් එක් නැවකට ගෙවා ඇතැයි ද ඔහු කියා සිටියේය.

බලාගාරයේ යන්ත්‍ර තුන මගින් මෙගාවොට් 900 ක විදුලිය උත්පාදනය කර මෙගාවොට් 810 ක් ජාතික පද්ධතියට එක් කරයි. මේ වනවිට යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අලුත්වැඩියාව සඳහා නතර කර තිබෙන යන්ත්‍රයේ ද වැඩ අවසන් කර ලබන සතියේ ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 270 ක් එක් කිරීමට නියමිතය. එම යන්ත්‍රය මේ වනවිට පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment