ගල්කිස්සේදී ත්‍රිරෝද රථය  පැහැරගෙන ගොස් රියැදුරු මරා  කැසට් රෙකෝඩරය පැහැරගෙන

155

ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේදී ප්‍රසිද්ධ ගෑස් සමාගමක සහකාර කළමනාකරුවකු පැහැරගෙන ගොස්, පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ ත්‍රිරෝද රථයේ සවිකර තිබූ රුපියල් ලක්‍ෂ 2ක් වටිනා කැසට් රෙකෝඩරය, බෆල් දෙක හා ඉන්ධන සොරාගෙන පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (25 දා) සමත්විය.

39 හැවිරිදි සැකකරු රත්මලාන, තෙලවල පෝචිචිවත්ත ප්‍රදේශයේදී කොටුකරගෙන තිබේ.

ඝාතනය සිදුවූ දින අදාළ සැකකරුවන් දෙදෙනා කුලී ගමනක් යන මුවාවෙන් අදාළ ත්‍රිරෝද රථයට ගොඩවී ඔහුව කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මොවුන් අපරාධය සිදුකර තෙලවල ප්‍රදේශයේම නිවසකට කඩාවැදී එහි සිටි මවක, දියණියකගේ අත්පා බැඳ නිවසේ තිබූ රුපියල් ලක්‍ෂ 10ක රන්බඩු හා රුපියල් 40,000ක මුදල් කොල්ලකා ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

සැකකරුවන් විසින් ඝාතනයට ලක්කර තිබුණේ මාතර, තිහගොඩ, පුහුල්වැල්ල වීරසෙවණ පදිංචිව සිටි කුලසූරිය ආරච්චිලාගේ කසුන් තරිඳු (29) නමැති අයෙකි.

මේ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගමගේ නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ  පින්සිරි ආරියරත්න – රත්මලාන
 

advertistmentadvertistment
advertistmentadvertistment