ගල්කිස්සේදී දැරියක විකිණූ ජාවාරමා ඇප 3 ක් මත මුදා හැරේ

413

ගණිකා ජාවාරම ඇතුළු නීති විරෝධී ජාවාරම්වලින් රුපියල් කෝටි ගණනාවක් වටිනා මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි බාල වයස්කාර දැරියක ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවූයේ යැයි කියන රජිව් ජයතිලක නමැත්තා රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ වැඩබලන ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (31දා) නියෝග කළේය.

ළමා ආරක්‍ෂණ අධිකාරිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව ගල්කිස්ස ප‍්‍රදේශය මුල්කරගෙන සිදුකළ එම ලිංගික ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් උපැයීම පිළිබඳ විමර්ශන අංශය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලට එම ජාවාරම්කරු වසර ගණනාවක් තිස්සේ සිදු කළ එකී ලිංගික ජාවාරමෙන් රුපියල් කෝටි ගණනාවක් වටිනා වත්කම් උපයා ගෙන ඇති බවටද අනාවරණය වීම නිසා එකී චෝදනාව යටතේ පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

එම ඇපකරුවන් තිදෙනා සැකකරුගේ සමීප ඥාතීන් විය යුතු බවට ද කොන්දේසියක් පැනවූ මහෙස්ත‍්‍රාත්වරයා එම නඩුව ලබන ජුනි 30 වැනිදා යළි කැඳවීමටද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment