ගල්කිස්ස දක්‍ෂිණාරාම පාරේ වීදි ගණිකාවන්ගේ තිප්පළක්: පහස ලබාගෙන එන අයව සුද්ද කර පහරදීලා

1256

ගණිකාවන් 2ක් හා පිරිමින් 4ක් මාට්ටු: තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

වීදි ගණිකාවන් තම වසඟයට ගන්නා පිරිමි පුද්ගලයන් ගල්කිස්ස දක්‍ෂිණාරාම පාරේ ලැගුම් හලක් වෙත කැඳවාගෙන විත් ඔවුන් සතු මුදල් පසුම්බි රන් ආභරණ ඇතුළු වටිනා දෑ කොල්ල කා ඔවුන්ට පහරදී තුවාල සිදු කරන සංවිධානාත්මක කොල්ල කල්ලියක 6 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (27 වැනිදා* පැවසීය.

ගල්කිස්ස දක්‍ෂිණාරාම පාරේ වීදි ගණිකාවන්ගේ තිප්පළක්: පහස ලබාගෙන එන අයව සුද්ද කර පහරදීලා

අත්අඩංගුවට ගත් පිරිස අතර වීදි ගණිකාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් සිව්දෙනකු වන බවද හෙතෙම කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන ගල්කිස්ස අවට පදිංචිකරුවන් බවද හෙතෙම කියා සිටියේය.

වධකාගාරයක් බඳු වූ මෙම ලැගුම්හල තුළින් රාත‍්‍රී කාලයේ විවිධ පුද්ගලයන්ගේ දුක් අඳෝනා ඇසුණු බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

මෙම ලැගුම්හල අධික මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ වීදි ගණිකාවන්ගේ තිප්පොළක් බවට පත්ව තිබූ බවද පැවසේ.

ගල්කිස්ස දක්‍ෂිණාරාම මාර්ගය ආරම්භ වන ස්ථානයේ සැරිසරන වීදි ගණිකාවන් රාත‍්‍රී කාලයේදී පිරිමි පුද්ගලයන්ව තම වසඟයට ගෙන මෙම ලැගුම්හල කරා කැඳවාගෙන එති. එහිදී එම ලැගුම්හල් පරිශ‍්‍රයේ රැුඳී සිටින සංවිධානාත්මක කොල්ල කල්ලි සාමාජිකයන් පැමිණ සාමාන්‍ය පුද්ගලයන් සතු මුදල් පසුම්බි, වටිනා රන් ආභරණ කොල්ලකා පසුව ඔවුන්ට පහරදී පන්නා දමා ඇතැයි පැවසේ.

‘‘මට ළමයි ඉන්නවා. අත ඇරපන්, පර්ස් එක දෙන්න සල්ලි අරන්… අයියෝ… අම්මෝ… යැයි කියමින් පහරකෑමට ලක්වූවන් කෑගසමින් පවසා ඇතැයිද වාර්තා වේ.

ප‍්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින මෙම කොල්ල කල්ලිය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීහු පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment