ගල්කිස්ස හා රත්මලාන ගණිකා නිවාස තුනක් වටලයි – සුරූපිනියෝ 8දෙනෙක් අත්අඩංගුවට

320

ගල්කිස්ස හා රත්මලාන යන ප‍්‍රදේශවල කොරෝනා සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා ඒවායේ කළමනාකාරියන් තිදෙනකු හා ගණිකා වෘත්තියේ නියැළී සිටි කාන්තාවන් පස්දෙනකු ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පෙබරවාරි 4 දා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් කාන්තාවන් අතර සිටි කළමනාකාරිනියන් පොකුණුවිට, පයාගල – එපිටවත්ත පුවක්පිටිය, යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 26 – 37 වයස් කාණ්ඩවල පසුවන්නියන් වන අතර, ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් පයාගල, දෙනියාය, පානදුර, මඩොල්සිම, හම්බන්තොට, පුවක්පිටිය යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 – 37, වයස් කාණ්ඩවල පසුවන්නන් බව ද පොලිසිය කියයි.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළු වීම සඳහා රුපියල් 1500ක් ගනු ලබන අතර, ඒවායෙහි සිටින කාන්තාවන් රුපියල් 5000 සිට 15000 දක්වා විවිධ මිල ගණන්වලට මිල දී ගත හැකි ලෙසට ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරි 1 වී. පී. ජේ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උදාර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (88146) චින්තක, (90026) ගමගේ, (34274) පියසිරි, (93719) ප‍්‍රසන්ග යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment