ගල්ගමුවේ තරුණයෝ ‘විමලේ ගෝ ගම’ හදා මග රකිති

1824

සභාපති හා පාක්‍ෂිකයන්ගේ යතුරුපැදිත් ඔවුන්ගේ භාරයට අරන්

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට තම පාක්ෂිකයන් පිරිසක් සමග ගිය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයබිම විමලරත්න සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනතෙක්ම ගල්ගමුවට පැමිණ නැත. ප්‍රදේශයේ තරුණයන් විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ‘විමලේ ගෝ ගම’ නමින් කුටියක් ඉදිකර සභාපති ඇතුළු පිරිස පැමිණෙන තුරු දින 04 ක් තිස්සේ එහි රැඳී සිටින අයුරුයි මේ.

අරලියගහ මන්දිරයට ගිය මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන්ගේ යතුරුපැදි ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ගාල්කර තිබූ අතර තරුණයන් විසින් මේ වන විට එම යතුරුපැදි ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන මගින් ඔවුන් ප්‍රකාශ කරන්නේ සභාපති ඇතුළු පිරිස කෙදිනක හෝ පැමිණෙනතුරු ඔවුන් රැඳී සිටින බවයි. වත්මන් සභාපතිවරයා ඇතුළු පිරිස මහජන මුදල් අවභාවිතා කරමින් ගල්ගමුවේ ජනතාව දැඩි පීඩාවට පත් කරමින් සිටි බවත් මින් ඉදිරියට එසේ කිරීමට ඉඩ නොතබන බවටත් ඔවුහු තවදුරටත් ප්‍රකාශ කළහ.

කුමා රණසිංහ- ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment