ගල්නෑව පසු වෛද්‍ය කාර්යාලයේ ඖෂධ තොගයක් මුරකරුගේ ගෙදරින් මතුවෙයි

300

මෙය ලොකු වැරැදීමක්!

ගල්නෑව පසු වෛද්‍ය කාර්යාලය සතු ඖෂධ තොගයක් සැක සහිත ලෙස රැුගෙන ගොස් එම කාර්යාලයේම සේවය කරන මුරකරුගේ නිවසේ ගබඩා කර තිබිය දී ඉකුත් 11දා ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්නෑව පොලිසියට තම ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂා කිරීමකදී මෙම වටිනා ඖෂධ තොගය සොයා ගෙන ඇත.

මෙම ඖෂධ සම්බන්ධයෙන් දැඩි වගකීමක් ඇති උතුරු මැද පළාතේ සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂක අමරසිංහ මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේක ලොකු වැරදීමක් බවත් ගල්නෑව පසු වෛද්‍ය කාර්යාලයේ ශීතකරණය අක‍්‍රීය වීම නිසා එහි තිබූ ඖෂධ මෙම මුරකරුගේ නිවසේ ඇති ශීතකරණයට දැමීමට රැුගෙන ගොස් තිබියදී ගල්නෑව පොලිසිය විසින් මෙලෙස මෙම ඖෂධ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස මුරකරුගේ නිවසෙන් අත්අඩංගුවට ගත් මෙම ඖෂධ තොගය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම ඖෂධ තොගය මේ වන විට ගල්නෑව පොලිසිය භාරයේ පවතින බවත් මේ සම්බන්ධයෙන් ගල්නෑව පසු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයාගෙන්, ඖෂධ රැුගෙන ගිය රථය පැදවූ රියදුරාගෙන් සහ මුරකරුගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් මේ වනවිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment