ගල්වැව සිරිධම්ම හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

111

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) ප්‍රතික්ෂේප කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කර එම නියෝගය කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment