ගල්විහාරය සිල් සුවඳින් පිරේ….

168

පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේ (14) පොලොන්නරුව ඓතිහාසික ගල්විහාරය පුදබිමේදී දාන, ශීල, භාවානාදී පිංකම් රැසක් සංවිධානය කර තිබුණි. ඒ අනුව උවසු උවැසියෝ විශාල පිරිසක් එහි පෙහෙවස් සමාදන් වූහ.

පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිංකම් සංවිධානය කර තිබුණි. පෙහෙවස් සමාදන්වූ පිරිසට හීල් දානය පිළිගැන්වීම මෙවරද සිරිත් පරිදි සිදු කරන ලද්දේ පොලොන්නරුව විජයබාහුපුර ගම්වාසීන් විසිනි. මේ අතර පොසොන් පුරපසළොස්වක පොහෝදා වන්දනාකරුවෝ විශාල පිරිසක් පොලොන්නරුව ඓතිහාසික පුදබිම වෙත පැමිණ සිටියහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment