ගල් අගුරු ටෙන්ඩරය අත්හිටුවයි

499


ඉකුත් අගෝස්තු 25 වැනිදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ අත්හිටුවා ඇත.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තෝරාගන්නා ලද සැපයුම්කරුට අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවය.
නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ද සමාගම දැනුම්දී ඇත.
දීර්ඝකාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා අලුත් ටෙන්ඩරයක් සඳහා අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment