ගල් අගුරු පෙත්සම කල් යයි

124

ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබාදී තිබේ.ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි ‘බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්’ සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.ඒ අනුව විරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් 25 වනදා සලකාබැලීමට දින නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment