ගල් අඟුරු  ටෙන්ඩරයේ චෝදනාව නොරොච්චෝල නිලධාරීහු කෝප් කමිටුව හමුවට

126

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමේදී ටෙන්ඩර් අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ලවීම නිසා එහි නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට තීරණය කර ඇත.

කෝප් කමිටුවේ නව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (07 දා) ප්‍රථම වරට රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගින් ටෙන්ඩරය හිමිවූ සමාගමට ගල් අඟුරු ගෙන ඒමට අනුමැතිය දුන්නා නම් ගල් අඟුරු ටොන් එකක් ඇමරිකානු ඩොලර් දෙසිය අසූහතරයි ශත අසූහතරක් (284.84) වැනි මිලකට ගන්නට සූදානමක් පැවැති බවත් එවකට රුසියානු දර්ශකයට අනුව ගල් අඟුරු ටොන් එකක මිල ඩොලර් 179.5 ක්ව පැවැති බවත් කමිටුව හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවැසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු කිහිප දෙනක් අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment