ගල් අඟුරු නැව එයි

77

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් හැටඑක්දහස් තුන්සියයක් පමණ ඊයේ (06 දා) අලුයම පුත්තලම බලාගාරයට ලැබී ඇත.
මෙම ගල් අඟුරු තොගය ඊයේ (06 දා) සිට ගොඩබෑම ආරම්භ කෙරිණි. මෙම නැවට අමතරව තවත් ගල් අඟුරු නැව් 06 ක් මේ මස අවසාන වන විට පැමිණීමට නියමිතය.

මේ වන විට බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර නවතා තැබුණු 03 වැනි යන්ත්‍රය ද අනිද්දා (08 දා) රාත්‍රි ක්‍රියාත්මක කර තවත් මෙගාවොට් 270 ක් 09 වැනිදා වන විට ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව බලාගාර ඉංජිනේරුවෝ පවසති. මෙම යන්ත්‍ර තුනම ජාතික පද්ධතියට එක්කිරීමත් සමඟ එහි සම්පූර්ණ ධාරිතාවම ජාතික පද්ධතියට එක් කෙරේ.

එළැඹෙන වාරකන් කාලය අප්‍රේල් මැද වන විට එළඹීමට නියමිතව ඇති අතර එයට පෙර බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැව් 33 ක් ගෙන්වා ගැනීමට බලාගාර පාලන අධිකාරිය සැලසුම් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment