ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීමට රටවල් 40 ක්‌ සැරසේ

214

ලොවටම තර්ජනයක්ව පවතින ගෝලීය උණුසුමට විශාල වශයෙන් හේතු වී ඇති ගල් අඟුරු භාවිතය අත් හැරීමට රටවල් 40කට අධික සංඛ්‍යාවක් එකඟත්වය පළ කර ඇති බව එංගලන්ත රජය විසින් ඊයේ (04දා * නිවේදනය කළේය.

 දැනට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන ගෝලීය දේශගුණික විපර්යාසයන් සම්බන්ධ ‘කෝප් 26’ පරිසර සමුළුවට සහභාගී වන ප‍්‍රධාන පෙළේ ගල් අඟුරු භාවිත කරන රටවල් වන පෝලන්තය, වියට්නාමය, චිලී රාජ්‍යය ඇතුළු රටවල් 40කට අධික සංඛ්‍යාවක් මෙසේ ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වන බවට ප‍්‍රතිඥා දී තිබේ.

 කෙසේ වුවද ගල් අඟුරු විශාල වශයෙන් භාවිත කරනු ලබන ඔස්ටේ‍්‍රලියාව, චීනය, ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය මෙම ප‍්‍රතිඥාවට අත්සන් තබා නැත. ලොව පුරා දේශගුණික විපර්යාසයන්ට විශාල වශයෙන් හේතු වී ඇති තනි අමුද්‍රව්‍යය ලෙස ගල් අඟුරු භාවිතය සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment