ගල් අඟුරු මිල බහිනවා: අඩුවට ගන්න නව ටෙන්ඩරයක් කැඳවන්න – චන්දිම ජනපතිගෙන් ඉල්ලයි

112

ගල් අඟුරු මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින නිසා ගල් අඟුරු මිලදී ගැනීමට කඩිනමින් නව ටෙන්ඩරයක් කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මේ වන විට ගල් අඟුරු නැව් 10 ක් පමණ මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 230 ක් 240 ක් වැනි මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවත් එම මිලට ගල් අඟුරු මිලදී ගතහොත් රුපියල් කෝටි 1000 කට අධික මුදලක් රජයට අහිමිවිය හැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එළඹෙන වාරකන් කාලයට පෙර ගල්අඟුරු ගෙන්වා ගැනීමට නව ටෙන්නඩරයක් කැඳවනු ලැබුවහොත් මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 200 ට අඩුවෙන් ලබාගැනීමට හැකිවන බව ද ඒ මහතා අවධාරණය කරයි.

තමා විදුලිබල ඇමැතිවරයාව සිටියදී සුනිත්‍ය බලශක්තිය වැඩිදියුණු කිරීමට ඉංජිනේරුවන් සමඟ එක්ව උත්සාහ කළත් විවිධ හේතු නිසා තමාට එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment