ගල් බැම්මක් කඩා වැටී තිදෙනෙකුට තුවාල

105

මස්කෙළිය, සාමිමලේ-ඕල්ටන් තේ වතුයායේ කිංකෝරා කොටසේ නිවසක් මතට ඊයේ පස්වරු 04.30 ට පමණ අධික වර්ෂාවත් සමග ගල් බැම්මක් කඩා වැටීමෙන් එම නිවසේ පදිංචිව සිටි කුඩා ළමයෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙම නිවසට ගල් බැම්ම කඩා වැටීමෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර නිවසට යටවී සිටි නිවැසියන් අසල් වාසීන් විසින් පිටතට ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.
තුවාල ලැබූවන් අතර වයස ඇවුරුදු දෙක හමාරක් දැරියක්ල තිස් දෙහැවිරිදි ඇගේ මව හා අවුරුදු 65 ක කාන්තාවක් සිටිතිග ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment