ගල් යුගයේ සිටින සල්ලාල වනචරයා

925

ඉකුත් වසරේදී මේ රටේ කාන්තාවන් 567 දෙනකුට විවිධ අපරාධ සිදුවී ඇති බවත්, කාන්තාවන් 79 දෙනෙක් ඝාතනය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති සමීක්‍ෂණ වාර්තාවක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්‍ෂව අවුරුද්දක් වැනි කාලයක් තුළ කතුන් 79ක් දූෂණය කිරීම කිසිසේත්ම සෙල්ලමක් නොවේ. මේ අනුව සෑම දවස් 5කට වරක්ම එක් කාන්තාවක බැගින් දූෂණය කර ඇති අතර එවැනි තිස් හතළිස් ගුණයක් කිසිදු පැමිණිල්ලකින් හෝ වාර්තා කිරීමක් තොරව ගෙවල් තුළ, බාලිකා නිවාසවල, පාසල්වල සහ වැඩපොළවල් තුළ සිදුවන බව අපගේ විශ්වාසය වේ. කාන්තාවකගේ අභිමතයෙන් තොරව ඇය කෙරෙහි ලිංගික ප්‍රවේශයක් සිදුකිරීම, ලිංගික ස්පර්ශයක් ඇතිකිරීම, වාචිකව ලිංගික ප්‍රහාර එල්ල කිරීම යනාදිය අපරාධ හැටියට සලකනු ලැබේ. වෙනකක් තබා ගැහැනියකට විරුද්ධව කැලෑ පත්තරයක් ගැසීම සහ අසභ්‍ය ෆේස්බුක් පෝස්ට් එකක් දැමීම වුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි. මෙවැනි සිදුවීම් මිලියන ගණන් අවුරුදු 2500ක දැහැමි ශිෂ්ටාචාරයක් ඇති මේ රට තුළ වාර්ෂික සිදුවෙයි. ඇතැම් කාන්තාවන් මෙවැනි සිද්ධීන්ට එරෙහිව පොලිසි නොයන්නේ ලජ්ජාව නිසාය. ගෙදර පියා හෝ වැඩිමහල් සහෝදරයා විසින් දියණිය හෝ නැගණිය ලිංගිකව අපහරණය කරන ලද කල්හි එම සිද්ධිය එම නිවසේ ඇඳ යට හෝ අල්මාරිය පිටුපස සදාකාලිකව සැඟවී තිබේ. ටියුෂන් ගුරුවරයා විසින් ලිංගික අපහරණයකට ලක් කරන ලද දැරිය ඒ බව හෙළි කරන්නේ නැත. මෙයට බලපාන ජීව විiාත්මක හේතුවක් ද තිබේ. ළමා විය සහ නව යොවුන් විය අතර සිටින දැරියක් ලිංගික අපහරණයකදී කිසියම් ලිංගික උත්තේජනයක් ලබයි. පසුව ඇය මෙයට පුරුදු වෙයි. තමා දීර්ඝ කාලයක් තිස්සේ අපහරණයට ලක්වී ඇති බව ඇය දැනගන්නේ දැනුම් තේරුම් ඇති යුවතියක බවට පත්වූ පසුවය. මේ වනවිට පෙරහැර ගොස් අවසන් වී ඇති අතර ඉතිරි වන්නේ පෙරහැර ගිය පාරේ තිබෙන අලි බෙටි පමණි. එසේ වුවද ළමා වියේ සිට තමා අපහරණය වූ ආකාරය පර්යේෂණීය සාක්‍ෂි මගින් හෝ ඔප්පු කළ හැකි නම් තමන් කෙලෙසන ලද වලත්තයාව දිවිය පිටින් උසාවි ගෙන යෑමට ඇයට පුළුවනි. මෙවැනි සිද්ධීන්වලදී කටඋත්තර

ලබාගැනීමේදී පොලිසිය ඉමහත් සේවයක් කරයි. ඔව්හු ඉතා සාධාරණ ක්‍රම යොදාගෙන විත්තිකරුවන්ගෙන් කටඋත්තර ලබාගනී. කිසියම් වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් රඳවාගෙන දූෂණය කළ පොලිස් රාළහාමිලා දෙදෙනකු ගැන පසුගියදා අපට අසන්නට ලැබිණි. ඒත් සමස්තයක් වශයෙන් ගත් කල ස්ත්‍රී දූෂණ හා කාන්තාවන් අපහරණය කිරීම යන කාරණා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට පොලිසිය සූදානම් ය. මෙය ආසියාවේ සහ අප්‍රිකාවේ පොලිසිවල නැති යුරෝපයේ පමණක් පවතින උසස් සංකල්පයකි. හිටපු ගමන් රාළහාමි කෙනෙක්, සාජන් මහත්තයෙක් හෝ එස්.අයි. කෙනෙක් ස්වල්ප ජරාවක් අනුභව කර විත්තියේ පැත්තට සපෝට් කරන අවස්ථා තිබේ. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල ඒවා ඉතා ක්‍ෂුද්‍ර සිද්ධීන් වෙති.

කාන්තාවන් අපහරණය වීම ලෝකය පුරාම පවතින ප්‍රවණතාවකි. මෙය කොටස් දෙකක් තුළදී සිදුවෙයි. පළමු වැනි කොටස වන්නේ පුරුෂාධිපත්‍යයේ කොටසය. දෙවැනි කොටස නම් කාන්තාවන් විසින්ම සිදුකරන ලබන කොටසය. නෝනාගේ අනුමැතිය සහිතව ගෙදර මහත්තයා විසින් මෙහෙකාරිය දූෂණය කරන අවස්ථා බොහෝමයක් තිබේ. එසේම ගෙදර මහත්තයාගේ අනුදැනුම ඇතිව නෝනා විසින් මෙහෙකාරියට දස වධ දෙන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඇතැම් මවකගේ සොර සැමියා එම මවගේ දියණිය එම මවගේම අනුමැතිය ඇතිව දූෂණය කරයි. තිළිණි ප්‍රියමාලි පිළිබඳව දැනට නැගී ඇති චෝදනා සත්‍ය නම් ඇය වෙතින් ද කාන්තාවන් අපහරණය වී ඇත. ධනපතියන් බ්ලැක් මේල් කිරීම සඳහා තිළිණි ප්‍රියමාලි විසින් තරුණ නිළියන් යොදා ගනු ලැබ ඇත. ඒ සඳහා ඔවුන්ට මුදල් ගෙවා ද ඇත. ඒත් අවසාන ඵලයේදී නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ කිරීම නිසා එම නිළියෝ අපහරණය වෙති. එසේම එම නිළියන් සහ ධනපතීන් අතර හුවමාරු වන කාමාශක්ත දුරකථන ඇමතුම් අන්තර්ජාලය මගින් ප්‍රචාරය වීම නිසාද මෙම නිළියෝ අපහරණය වෙති. අපහරණය නමැති යෙදුමට ස්ථිර අර්ථ නිරූපණයක් නැත. සමහර විට රවා බැලීම පවා අපහරණ කටයුත්තකි.

ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය ඉතාම විශාල වශයෙන් පැතිර යන්නට පටන් ගැනීම පසුගිය අවුරුදු 5ක පමණ කාලයකට පෙර ඇරැඹිණ. මීට අවුරුදු 3කට පෙර නව යොවුන් දැරියන් සහ කාන්තාවන් මුදලට විකිණීම සඳහා සිංහල වෙබ්සයිට් බර ගණනක් ආරම්භ විය. මේ මොහොතේදී එවැනි වෙබ්සයිට් 15ත් 20ත් අතර ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබේ. ෆයර් වෝල් තබා මොන මඟුල දැමුවත් ඒවා නැවැත්වීමට නොහැක. ගැහැනියක් විකුණෙන්නේ පිස්සුවට නොවේ. එය ඇගේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට තිබෙන පහසුම මාර්ගය නිසාය. හැබැයි මේ පහසු මාර්ගයේදී එම

ගැහැනියට මනුස්සයන් මෙන්ම තිරිසනුන් ද හමුවෙයි. එම තිරිසනා අතින් ඇය ඉතා නරක ලෙස අපහරණය වෙයි. එසේම ඇය සල්ලාලයන්ට අලෙවි කිරීම සඳහා ඉදිරිපත් වූ බ්‍රෝකර් ද ඇගේ මුදල් සූරා කයි. කාන්තා අපහරණය යන යෙදුමට මේ සියලුම කරුණු එකතු විය යුතු බව අපගේ විශ්වාසය වේ. දියුණු සමාජයක් තුළ අපහරණ හෝ බලකිරීම් නැත. සැබෑව එය නම් අපේ සමාජය තවමත් දියුණු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment