ගල් වංගුවේ රිය අනතුරින් අලූත විවාහවූ සැමියා මරුට – බිරිඳට බරපතලයි

415

ත‍්‍රිකුණාමලය හබරණ මාර්ගයේ ගල් වංගුව නමැති ස්ථානයේදී පෙරේදා (01දා) දහවල් සිදුවූ රිය අනතුරකින් කාර් රථයේ ගමන් ගත් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියක් හබරණ පොලිසියෙන් වාර්තාවේ.

මිය ගොස් ඇත්තේ මහරගම පදිංචි මිලාන් ප‍්‍රමුඛ විජේසිංහ (අවු:27) යන අයයි. බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෑතකදී විවාහ වී ඇති මෙම යුවල එදින රාත‍්‍රියේ හබරණ හෝටලයක නැවතී දහවල්

ත‍්‍රිකුණාමලය බලා යාමට පිටත්ව ඇති අතර කිලෝ මීටර් හතරක් යෑමටත් පෙර මෙසේ අනතරට පත්ව ඇත. ගල් වංගුව අසලදී විරුද්ධ දිසාවෙන් පැමිණි ත‍්‍රිකුණාමලය සිට කොළඹ බලා යන පුද්ගලික බස් රථයේ මෙම කාරය ගැටී ඇත්තේ තම සීමාවෙන් ඉවතට පැන ගොසිනි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කන්තලේ  – ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment