ගල් වැලි පස් නව චක‍්‍රලේඛයක්

541

කළුගල්, වැලි, පස්, බොරලූ හා මැටි කැණීම, ප‍්‍රවාහනය සහ වෙළෙඳාම ක‍්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක‍්‍රලේඛය මගින් අදාළ සියලූම ආයතන ප‍්‍රධානීන්ට නියෝග කර ඇත.

ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත‍්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක‍්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද එම චක‍්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

සංවර්ධන ප‍්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැුකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැළෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ‍්‍ර හා ක‍්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ වැඩකටයුතු ආරම්භ කරමින් ජනාධිපති ලේකම්වරයා මෙම චක‍්‍රලේඛය නිකුත් කර තිබේ.

භූ සම්පත් කැණීම, ප‍්‍රවාහනය සහ වෙළෙඳාම සඳහා පැවැති ක‍්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රියාවලියක් හඳුන්වා දීම මෙම බළකායේ වගකීම වේ.

එම ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් සකස් කරන ලද නව ක‍්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු ‘ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප‍්‍රවාහනය සහ වෙළෙඳාම පිළිබඳ කාර්ය සංග‍්‍රහයට’ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත් වන ආයතන හඳුනා ගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබා ගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක‍්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය යෝජනා කර තිබේ. අදාළ වන සියලූම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක‍්‍රියාත්මක කරනු ලැබූ ක‍්‍රමවේද වෙනුවට ඒකීය ක‍්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප‍්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුය.

අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුය. එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම්, ග‍්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක‍්‍රලේඛයෙන් අවධාරණය කරයි.

ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු ය. ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක‍්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ තිබේ.

අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය නොකළ යුතු බව චක‍්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලූ පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බළකාය අධ්‍යයනය කර ඇත. නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලූම ආයතන ඒකාබද්ධ ප‍්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත‍්‍රික් හා ජාතික වශයෙන් පිහිටුවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැුස්වී අවශ්‍ය තීරණ ගත යුතුය.

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක‍්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලූම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වේ. එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක‍්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකුත් කළ චක‍්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment