ගවයන්ට තෘණ නෑ…. උතුරු ගොවියෝ ළැතැවිල්ලේ

91

උතුරු පළාත තුළ ගව පාලනයේ නියුතු පිරිස මේ දින වල දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. ඒ තම ගවයින්ට අවශ්‍ය ආහාර සපයා දීම සඳහා තෘණ පිට්ටනි නොමැති වීම හේතුවෙනි.

මේ වන විට ප‍්‍රදේශයේ මහ කන්නය සඳහා සියලූම ඉඩම් වගා කොට ඇති අතර වැව් අමුණු ජලයෙන් පිරී පවතී. එම තත්ත්වය තුළ ගව හිමියන්ට සිය සත්ත්වයින්ට අවශ්‍ය ආහාර සපයා දීම මහත් ගැටලූවක් බවට පත්ව ඇති බව ගව හිමියෝ පවසති.

ඔවුන් පවසන්නේ වැව් පිටි ජලයෙන් යටව පැවතීම හා තෘණ පිට්ටනි නොමැති කමින් තමන් සිය සත්ත්වයින්ට අවශ්‍ය ආහාර සපයා දීමට නොහැකිව ලතැවෙන බවකි. එමෙන්ම පවතින සීමිත ඉඩ ප‍්‍රමාණයේ ගවයින් විශාල පිරිසකට ආහාර ලබා දීමට සිදුව ඇති බව ඔවූහු පවසති.

මෙම තත්ත්වය මත කිරි ලබා ගැනීමටද නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් සිය කිරි නිශ්පාදන අඩුවී ඇති බවටත් ගව හිමියෝ මැසිවිලි නගති.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment