ගවයන් 40 කගේ හිස් සමග මස් කිලෝ 6000 ක් එස්ටීඑෆ් එකෙන් අල්ලයි

315

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමකින් යුත් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හරක් මස් කිලෝ 6,000 කට අධික ප‍්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනකු එස්ටීඑෆ් එක මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හරක් මස් ප‍්‍රවාහනය කළ ලොරි රථ දෙකද අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිසිය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදෙනු ලැබ ඇත.

හොරොව්පතාන සිට මොරටුව ප‍්‍රදේශයට නීති විරෝධි ලෙස ගවමස් ප‍්‍රවාහනය කරන බවට මොරටුව විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් ගම්පහ ප‍්‍රදේශයේ සිට ලොරිරථ දෙක පසුපස හඹා පැමිණ දෙහිවල ප‍්‍රදේශයේදී නවතා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා සිදු කළ පරීක්ෂාවේදී මෙම ගවමස් මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වී ඇත.

ගවයන් 40 කගේ හිස් සමග මස් කිලෝ 6000 ක් එස්ටීඑෆ් එකෙන් අල්ලයි

අනතුරුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිදුකළ විමර්ශනයේදී ලොරි රථය තුළ ඝාතනය කරන ලද ගවයන් 40 කගේ හිස් සමග ගවමස් සොයාගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා ලොරිරථ දෙක ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා දෙහිවල පොලිසිය වෙත භාරදෙනු ලැබ ඇත. සැකකරුවන් හා නඩු භාණ්ඩ 8 වන දින ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබිණි.

චමින්ද සිල්වා – පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment