ගවයින් වැළඳගෙන ආදරවන්තයින්ගේ දිනය සමරන්න – උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ඇමැති ඉල්ලයි

135

ගවයින් බදා වැළඳ “ආදරවන්තයින්ගේ දිනය” සැමරිය යුතු බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ඇමැති ධර්මපාල් සිං ප්‍රකාශ කර ඇත.

පෙබරවාරි 14 වැනිදා ගවයින්ට හොඳින් ආහාර ලබාදී උන්ගේ හිස, බෙල්ල පිරිමැද ආශිර්වාද ලබාගතයුතු බවත් “ගවයා” යනු ලෝකයේ මව බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඉන්දියාවේ සත්ත්ව සුබසාධන මණ්ඩලය විසින් පෙබරවාරි 14 වැනිදා දිනය ගව වැළඳගැනීමේ දිනය ලෙස පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment