ගවයින් 14ක් සොරාගෙන දෙදෙනකු මස් කරලා

101

පුදුකුඩිඉරිප්පු මස්වැද්දෝ දෙදෙනෙක් ගම්වැසියන්ට මාට්ටු

මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලී ප්‍රදේශයේ ගවයින් 14 දෙනකු හොරකම් කොට ඔවුන්ගෙන් දෙදෙනකු මරා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා පුදුකුඩිඉරිප්පු පොලිසියට භාර දී තිබේ.

මීට දින කීපයකට පෙර කයිවේලී ප්‍රදේශයේ පවුල් හතරකින් ගවයින් 12 දෙනකු අතුරුදන් වී සිටි අතර ගම්වාසීන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි ද ඉදිරිපත් කොට ඇත.

ඒ අතරවාරයේ වාහනයක ගවයින් දෙදෙනකු පටවාගෙන යන බවට ගම්වාසීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වාහනය නවතා පරීක්ෂා කළ අවස්ථාවේදී මරා දමන ලද ගවයින් දෙදෙනකු වාහනය තුළ සිටිනු ගම්වාසීන් දැක තිබේ.

ගවයින්ගේ සිරුරේ යොදා තිබූ හණ සලකුණු මත ගවයින් හඳුනාගත් ගම්වාසීන් ගව හොරු දෙදෙනා පොලිසියට භාර දී තිබේ.

මෙම ගව හොරුන් විසින් ඉතිරි ගවයින් දස දෙනා ගවයින් මිලට ගන්නා අයකුට අලෙවි කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment